ටෝටෝරෝගේ අඳුරු පැතිකඩ ! - 𝐂𝐫𝐚𝐳𝐲 𝐆𝐡𝐢𝐛𝐥𝐢 𝐅𝐚𝐧 𝐓𝐡𝐞𝐨𝐫𝐢𝐞𝐬 𝐏𝐚𝐫𝐭 02
Hello Guys ඔන්න අද මම අරගෙන ආවේ Ghibli සිනමාවේ අදුරු පැතිකඩ කියන post series එකේ දෙවැනි ලිපිය.
ඇනිමේ නොදන්නා අ ය වෙනුවෙන් මුලින් විස්තරයක් දා ල ඉන්නන්.
- Name: My Neighbor Totoro
- Aired:1988
- Type: Movie
- Duration:1h 26m
- Genre: Adventure, Supernatural
- Score: MAL 8.26
- Source: Original
වැඩි කතා නැතුව බහිමු theoryයට,
කනට ගහන්නා
වගේ ඔන්න theory එක දුන්නා.
ඔව් හැමෝම ආසාවෙන් බැලුව My Neighbor Totoro anime movie එකේ ඉන්න Totoro මරණයට අධිපති දෙවියෙක් කියන theory එක තමයි මේක. අපි දැන්
බලමු කොහොමද කට්ටිය මේ theory එකට ආවේ සහ
කොච්චරක් දුරට මේක විය හැකිද කියලා.
මුලින්ම මේ film
එක ගැන ටිකක් කිව්වොත්
මේ කතාවේ සිදුවන සිදුවීම් මාලාව ආරම්භ වෙන්නේ 1905 වසරේ. Satsuki සහ Mei කියන සහෝදරියන් දෙන්නාව එයාගේ තාත්තා විසින්
අලුත් ගෙදරකට අරන් යන සිදුවීම වටා තමයි මේ කතාව තියෙන්නේ. ඉතින් මේ අලුත් ගෙදර
පිහිටලා තියෙන්නේ ඒ සහෝදරියෝ දෙන්නාගේ අම්මා නවත්තලා ඉන්න ඉස්පිරිතාලය අවට.
එයාලාගේ අම්මා දීර්ඝ කාලීන රෝගයකින් පෙලෙනවා. ඉතින් මේ හැමදේම ගැන හිතලා තමයි Satsuki
සහ Meiගේ තාත්තා මෙයාලාව මේ
අලුත් ගෙදරට එක්කාගෙන යන්නේ. ඉතින් මේ ගෙදරට ඇවිල්ලා වැඩි කල් නොගිහින් මේ
සහෝදරියෝ දෙන්නාට අපූරු රහසක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි මේ ගෙදර සහ ඒ අවට වටපිටාවේ
ගැවසෙන අමුතු Forest Spiritsලා ගැන. ඒ
අතරිනුත් තඩි හාවෙක් වගේ spirit එකට තමයි Mei විසින් Totoro කියලා නම දාන්නේ. මේ Totoroව නොදන්න කෙනෙක් නම්
කොහොවත්ම නෑනේ. මේ film එක අගභාගයේදී Mei අතුරුදහන් වුනාම Totoro ඇතුළු පිරිසගේ
උදව්වෙන් තමයි එයාව හොයාගන්නේ. ඉතින් ඔන්න ඕකනේ කතාව. හරිම ලස්සනයි....හැබැයි
ඉතින් Internet එක කියන්නේ
ඕනිම කතාවක් breakdown කරලා අමුතු
අමුතු theory හදන තැනක්
නෙහ්.ඉතින් බලමු මොකක්ද මේකට මේ හදලා
තියෙන theory එක කියලා.
මේ film
එක බලපු ලොකු පිරිසක්
දැක්ක සමානකමක් තියෙනවා. ඒ තමයි මේ film එක සහ Sayama සිදුවීම අතර තියෙන සම්බන්ධතාවය. ඒක ඇත්තටම
ඉතාම දරුණු ගණයේ සිදුවීමක්. 60 දශකයේදී Sayama
ගම්මානයේදී ඉතාම දරුණු
ලෙස එක්තරා ජපාන පාසල් සිසුවියක් දූශනයට ලක්වී මරා දැමුණා. ඉතින් මේක දරාගන්න
බැරුව එයාගේ සහෝදරියත් සියදිවි හානි කරගත්තා. ඉතින් කොහොමද මේ සිදුවීම My
Neighbor Totoro එකට සම්බන්ධ
වෙන්නේ? මේ සිදුවීම්
දෙකම වෙන්නේ Sayama ගම්මානයේ...මේ
මරණය වෙන්නේ මැයි මාසයේ.....May (Mei) කියන්නේ film එකේ ඉන්න සහෝදරියගේ නම ( I know I know මේක නම් ටිකක්
පිලිගන්න අමාරුයි තමයි ) ඒ වගේම තමයි මේ film එකේ තියෙන catbus
එකේ එක නැවතුම්පළක නම
තමයි "Grave Road".....Grave කියන්නේ කනත්තට කියලා කට්ටිය දන්නවානේ.....ඉතින් මේ සිදුවීම් ඔක්කොම අල්ලලා මේ film එකේ ending එකට වෙනම තේරුමක් දීලා
තියෙනවා....ඒක තමයි,
![]() |
Read about Sayama Incident |
Mei අතුරුදහන්
වෙන්නේ නෑ. එයා ඇත්තටම මැරිලා/මරලා...ඉතින් Totoroට සහ Satsukiට මෙයාව හොයාගන්න බැරි Satsukiත් සියදිවි හානිකරගෙන
නිසා . එතකොට මොකක්ද මේ catbus එක? කවුද මේ totoro?
catbus එක කියන්නේ
එයාලාව මරණයෙන් පසු යන තැනට රැගෙන යන වාහනය සහ Totoro කියන්නේ Shinigami.
මේ theoryය පට්ටම depressing
නෙහ්? මේක නම් ඇත්තටම වෙන්න
බැරි theory එකක්.....ඒ
නිසාම ghibli studio එකෙන් මේ
පට්ටම dark theory එක ප්‍රතික්ෂේප
කලා.
හැබැයි මේ post
series එකේ ඉස්සරහට
එන්න තියෙන ඇතැම් theory තියෙයි මේ
විදිහට ප්‍රතික්ශේප කරන්න අමාරු. එහෙනම් මේ post series එකේ තවත් post එකකින් පස්සේ හමුවෙමු.
Comments
Post a Comment