"ගිභ්ලි" සාපය ! - 𝐂𝐫𝐚𝐳𝐲 𝐆𝐡𝐢𝐛𝐥𝐢 𝐅𝐚𝐧 𝐓𝐡𝐞𝐨𝐫𝐢𝐞𝐬 𝐏𝐚𝐫𝐭 01



Ghibli movies කියන්නේ බාල මහලු බේදයකින් තොරව හැමෝටම එක විදිහට රසවිදින්න පුළුවන් ඉතාම ලස්සන anime movies. මේවාගේ විශේෂත්වය කියන්නේ ඉතාම ගැඹුරු කරුනු වුනත් ලස්සනට ඕනි කෙනෙක්ට රසවිදින්න පුළුවන් විදිහට ඉදිරිපත් කරන්න මේ film වලට තියෙන හැකියාව. හැබැයි අද මම කතා කරන්න යන්නේ මේ Ghibli movies වල තියෙන අදුරු පැත්තක් ගැන එක එක fanලා ගෙනාව theory කිහිපයක් ගැන. මේ post series එකේ පලවෙනි ලිපිය තමයි මේක.

 

"️Ghibli සාපය"

 Ghibli සාපය ( Ghibli Curse) එහෙමත් නැත්තම් The curse of Ghibli කියන මතවාදය ජපානයේ මූල්‍ය ආයොජකකරුවන් අතරේ ඉතාම සුලබ මතවාදයක්. එයාලා කියන විදිහට Studio Ghibli එකේ තියෙන මොනයම් හෝ අත්භූත බලවේගයක් නිසා හැම Ghibli චිත්‍රපටයක් පලමු වරට දර්ශනය වෙන වාරයකම මූල්‍යමය වශයෙන් මොනයම් හෝ නරක දෙයක් ආර්ථිකයට වෙනවාලූ. ඒ මූල්‍යමය වශයෙන් නරක දේ පඩි අඩුවීමක්, ආයෝජකයින් ඉවත්වීමක්, කොටස් වෙලදපොළ බිදවැටීමක් යනාදී ඕනිම විදිහකට සිදුවෙන්න පුළුවන් කියන දේ තමයි මෙයාලාගේ අදහස. ඉතින් මේක ජපානයට සීමා වුන සාපයක්ද????

 

නෑ ලෝකය ගැන සැලකුවොත් ලෝකය වටෙනුත් මේ හා සමාන සිදුවීම් ගණනාවක් තියෙනවා. මූලික වශයෙන්ම අනෙක් රටවල මුදල් ඒකකය අවප්‍රමාණය වීම Ghibli movie දර්ශනය වෙන කාල සීමාවේ වැඩීලූ. මේක කියෙව්වාම පොඩ්ඩක් හොයලා බැලුවා මේ දවස් වල අලුත් Ghibli film එකක්වත් එනවාද කියලා අපේ රුපියල පාවෙන හැටියට

 

 ඉතින් මේ අමුතු සිදුවීම් දාමය පරීක්ෂා කරපු කණ්ඩායමකට හෙලිවුන දේ තමයි 2008 සිට 2013 දක්වා Ghibli movie තිරගත වුන අවස්ථා 35කින් 28කම ජපානයේ හෝ ඇමරිකාවේ මූල්‍ය ඒකකය පහතට වැටී ඇති බව.මෙයාලා අනික් රටවල් සලකලාත් නෑ මේ කාලසීමාවේ.

 

ඉතින් Ghibli films කියන්නේ අපිව fantasy ලෝකවලට අරගෙන යන magical දෙයක්. ඒ වගේ ලස්සන දෙයකට මේ වගේ curse එකක් සම්බන්ධ වෙලා තියෙන්න පුළුවන්ද? නැත්තම් මේක අහම්බයක් විතරද??

 

එහෙනම් මේ post series එකේ තවත් post එකකින් පස්සේ හමුවෙමු

Comments

Popular Now

සෙකිරෝ සහ නිර්වාණයෙහි සැබෑ අරුත

The Upper Moon Five - Gyokko

Saul Ranasinghe and Richard Ranasinghe de vulpian