Zero Two

 


මෙයාව නං නොදන්න කෙනෙක් ඉන්න විදිහක් නෑ.
Anime බලන කොල්ලො අතර ප්‍රසිද්ධම character එකක්නෙ මෙයා .
ඉතින් අද මෙයා ගැන කතා කරමු.

𝗡𝗮𝗺𝗲 : 𝗭𝗲𝗿𝗼 𝗧𝘄𝗼 
𝗔𝗻𝗶𝗺𝗲 : 𝗗𝗮𝗿𝗹𝗶𝗻𝗴 𝗶𝗻 𝘁𝗵𝗲 𝗳𝗿𝗮𝗻𝘅𝘅
𝗠𝗔𝗟 𝗽𝗼𝘀𝗶𝘁𝗶𝗼𝗻 : #30 

මුලින්ම කියන්න ඕනෙ . ඔයා මේ Anime එක බලලා නැත්තන් අදම බලන්න. 
ඉතින් zero two ගැන ගත්තොත් මෙයා මිනිස් සහ කැලොක්සොසේපියන්(කතාවෙ පෙන්නන අර පොළොව යට ඉඳන් උඩට එන ජීවීන්) ජාන වලින් නිර්මානය කරපු දෙමුහුම්(Hybrid) ජීවියෙක් . මෙයාට මුලින්ම කැලොක්සොසේපියන්ලට සමාන (ඒ උනාට රතු පාටයි හැබැයි) පෙනුමක් තිබ්බත් වයස වැඩි වෙනකොට මිනිස් ලක්ෂනත් මතු වෙන්න ගන්නව . ඔයා මෙයාගෙ පොඩි කාලෙ appearance එක දැක්ක නං ඒකෙදි මෙයාගෙ ඇස් හෙන රතු පාටින් තමා පෙන්නලා තියෙන්නෙ. 

Klaxo Sapiens

කතාවෙ charater designer ලට අනුව මේ තද රතු ඇස් වලින් ලෝකයා කෙරෙහි zero two ට තියෙන වෛරය පෙන්නනව කියල කියනව .  මෙයාගෙ හැකියාවන් ගත්තොත් super human strength සහ rapid regeneration තමා කියන්න තියෙන්නෙ.
ඉතින් මෙයා APE ලට අයිති විශේෂ කෙනෙක් විදිහට තමා සැලකෙන්නෙ . විශේෂයෙන්ම Franxx pilot කෙනෙක් විදිහට මෙයාව හඳුන්වන්නෙ "partner killer" එහෙම නැත්තන් "සහායක මරුවා" විදිහට . ඒ මෙයා එක්ක franxx එක ඇතුලෙ synchronize වෙන ඔක්කොම male partners ලා battle අතරතුර මැරෙන නිසා.

කොහොමහරි ඒවා වැඩක් නෑ අපිට . මෙයාව ගොඩාක් අයට ඔලුවට යන්නෙ හිරෝ පස්සෙන් "darling , darling ..." ගගා යන කෙල්ල විදිහටනෙ . (දැන් නං darling කියන වචනෙ දැක්කත් ඔලුවෙ ඇහෙන්නෙ zero two ගෙ voice එකෙන් ඒක කියන විදිහ)
කතාවෙ මම දැකපු හොඳම bond එක තමා හිරො සහ zero two අතර තිබුන බැඳීම . මේක ඉතින් කතාව අන්තිම වෙනකන්ම අපිට තදටම දැනෙනව .
කතාව මැද හරියක් වෙනකොට හිරෝටත් zero two ගෙ අනිත් partners ලට වෙච්ච දේම වෙන නිසා සහ දෙන්නා අතර misunderstanding එකක් නිසා zero two squad එක දාලා යනව. නමුත් ඊළඟට වෙන සිද්ධි එක්ක zero two සහ hiro නැවත franxx එක ඇතුලෙ synchronize වෙනකොට හිරොට එයාගෙ පොඩි කාලෙ මතකයක් එලියට එනව . 


ඉතින් මේක නං ඇත්තටම හරි ලස්සන තැනක් කතාවෙ . ජීවිතේ පුරාවටම ලෝකෙ දිහා වෛරී ඇසකින් බලපු පොඩි zero two ට එයා ගැන හිතන කෙනෙක් ලැබෙනව .
නමුත් ඉතින් සතුට කියන්නෙ ටික කාලයක් තියෙන දේයි කියල APE එකේ උන් මේ දෙන්නගෙ මතකෙ නැති කරනව(මතක manipulate කිරීමක් තමා වෙන්නෙ ඇත්තටම) . නමුත් zero two ගෙ මතකය පසුකාලීනව ටික ටික එලියට එනව .
(මට මේ organization එකේ උන්ව මරන් කන්න හිතුනෙ ඇත්තට කොකොරොගෙයි මිට්සුරුගෙයි මතකෙ නැති කරපු වෙලාවෙ ) ඒත් hiro ගෙ මතකය එලියට එන්නෙ zero two එක්ක synchronize වීමකින් .
ඉතින් මෙතනින් එහාට ඒ ගොල්ලො ඒ ගොල්ලොන්ගෙ fate එක ගැන තේරුම් අරන් ජීවිතේ ඉස්සරහට යනව .
කොහොමෙන් කොහොමහරි කතාවෙ අන්තිමේදි  Aliens vs humans battle එකේදි දැනගන්නව zero two ගෙ body එක පෘථිවියෙ තිබුනට මනස තියෙන්නෙ franxx එක ඇතුලෙ කියල . ඉතින් zero two ව තනිකරන්න බැරි නිසා හිරොත් යනව එයාගෙ සහයට . අවසානයෙදි ඔක්කොටම සතුට උදා කරල ඒ ගොල්ලො නිමක් නැති විශ්වයට ඇදිලා යනව .

zero two ගෙ character එක නිසා සමාජෙට වෙච්ච බලපෑම ගත්තොත් මෙයා නිසා meme වගේම cosplay රැල්ලකුත් ඇති වෙලා තියෙනව . (අද කියල වෙනසක් නෑ ඉතින් )  ඒ වගේම ගොඩාක් Anime fans ලගෙ crush එකකුත් උනා .

අවසාන වශයෙන් zero two ගෙ point of view එකෙන් ගායනා කරන "kiss of death" opening theme  එක  playlist එකේ නැද්ද ?
එහෙනං අදම add කරගන්න.

Kiss of Death


කතාවෙ season 2 එකක් එනකන් තාම බලාගෙන ඉන්න අය තාම ඉන්නව .
(බලාගෙන හිටියට වැඩක් නෑ . එහෙම ඒවා එන්නෑ)

ඉතින් ඔයාගෙ ජීවිතේ ඔයාගෙ darling කවුද ? 

Comments

  1. I wish there was a second season. 🥺❤️

    ReplyDelete
  2. Season 2 ආවනම් 🥺 අය වෙබ් සයිට් එකෙන් ලොකු දැනුමක් ගන්න පුලුවන් ❤️‍🔥

    ReplyDelete

Post a Comment

Popular Now

සෙකිරෝ සහ නිර්වාණයෙහි සැබෑ අරුත

The Upper Moon Five - Gyokko

Saul Ranasinghe and Richard Ranasinghe de vulpian