Miku Nakano
Harem,Rom-com බලන්න කැමති අයට හොඳටම සෙට් වෙන එකක් කිව්වොත් හරි .
ගොඩාක් කට්ටියට Harem ගැන කිව්වම ආස අන්තිමට protagonist ට නිශ්චිත එක කෙල්ලෙක් සෙට් වෙන ඒවටනෙ . තනි අන්තඃපුරයක් විදිහට ඉවර වෙන ඒවට ගොඩාක් අය ආස නෑ . ඉතින් TQQ ගත්තොත් කතාව මුල ඉඳන්ම අපිට hint දෙනව සහ flash scenes යනවනෙ protagonist අන්තිමට එක කෙල්ලෙක් කසාද බඳිනව කියල . ඒක නිසාම මේ anime එක බලපු කට්ටිය කතාවෙ ඉන්න කෙල්ලො 5 ට වෙන වෙනම fan group පවා හදාගෙන හෙන fun එකක් ගන්නව .
ඉතින් අද කතා කරන්නෙ එතනින් එක team එකක් වෙනුවෙන්.
𝗡𝗮𝗺𝗲 : 𝗠𝗶𝗸𝘂 𝗡𝗮𝗸𝗮𝗻𝗼
𝗔𝗻𝗶𝗺𝗲 : 𝗧𝗵𝗲 𝗤𝘂𝗶𝗻𝘁𝗲𝘀𝘀𝗲𝗻𝘁𝗶𝗮𝗹 𝗤𝘂𝗶𝗻𝘁𝘂𝗽𝗹𝗲𝘁𝘀
𝗗𝗢𝗕 : 05/05
𝗙𝗮𝗺𝗶𝗹𝘆 𝗽𝗼𝘀𝗶𝘁𝗶𝗼𝗻 : 3𝗿𝗱 𝗦𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳 𝗡𝗮𝗸𝗮𝗻𝗼 𝗾𝘂𝗶𝗻𝘁𝘂𝗽𝗹𝗲𝘁𝘀
𝗡𝗮𝗺𝗲 : 𝗠𝗶𝗸𝘂 𝗡𝗮𝗸𝗮𝗻𝗼
𝗔𝗻𝗶𝗺𝗲 : 𝗧𝗵𝗲 𝗤𝘂𝗶𝗻𝘁𝗲𝘀𝘀𝗲𝗻𝘁𝗶𝗮𝗹 𝗤𝘂𝗶𝗻𝘁𝘂𝗽𝗹𝗲𝘁𝘀
𝗗𝗢𝗕 : 05/05
𝗙𝗮𝗺𝗶𝗹𝘆 𝗽𝗼𝘀𝗶𝘁𝗶𝗼𝗻 : 3𝗿𝗱 𝗦𝗶𝘀𝘁𝗲𝗿 𝗼𝗳 𝗡𝗮𝗸𝗮𝗻𝗼 𝗾𝘂𝗶𝗻𝘁𝘂𝗽𝗹𝗲𝘁𝘀
Click here for Miku Nakano - MAL Character Profile
ඉතින් මිකු ගත්තොත් කතාව පටන් ගන්නකොටම ගොඩාක් fan boys ලගෙ crush එකක් උන character එකක්නෙ . මෙයා නකනෝ පස්නිවුන් සහෝදරියන්ගෙන් තුන්වෙනියට වැඩිමල් කෙනා .
ඉතින් මිකු ගත්තොත් කතාව පටන් ගන්නකොටම ගොඩාක් fan boys ලගෙ crush එකක් උන character එකක්නෙ . මෙයා නකනෝ පස්නිවුන් සහෝදරියන්ගෙන් තුන්වෙනියට වැඩිමල් කෙනා .
හැබැයි චරිතය අතින් ගත්තොත් වැඩිය කතා කරන්නැති head phone එක බෙල්ලෙ දාගෙන ඉන්න ටිකක් අහිංසක ගොලු character එකක් .
කතාව පැත්තෙන් ගත්තොත් ෆූටරෝ ගැන මුලින්ම කැමැත්තක් ඇති වෙන්නෙ මිකුට . කතාව බලපු අය දන්නවනෙ ෆූටරෝ මේ පස් නිවුන්නුන්ගෙ හිත දිනාගන්න එයාලගෙ interests හොයාගෙන ඒවට අනුව මෙයාලත් එක්ක interact කරා කියල . ඉතින් මිකු ගොඩාක්ම interest වෙන්නෙ ජපන් ඉතිහාසගත යුධ විරුවො(war lords) ගැන . ලංකාවෙ රාවනා ගැන කතා කරාම ගොඩාක් උන් හිනාවෙනව වගේ මේ වගේ war lords ලා ගැන කතා කරන්න ගිහින් චොර වෙයි කියල බයට මෙයා මේක ගැන කාටවත් කියන්නෑනෙ . ඒ උනාට ඉතින් ෆූටරෝ මේක ගැන හොයාගෙන එයාගෙ ඒ කැමැත්ත ලෝකෙට කියන්න වගේම ඒක පාවිච්චි කරල මෙයාට උගන්වන්නත් උදව් කරගන්නව . ඉතින් ෆූටරෝගෙ tuition පන්තියෙ ස්වකැමැත්තෙන් මුලින්ම සහභාගී වෙන කෙනත් වෙන්නෙ මිකූ තමා .
කතාව ඉස්සරහට develop වීගෙන යනකොට අනිත් සහෝදරියො ටිකත් ෆූටරෝට කැමති වීගෙන එනව . ඉතින් මේ මේ තැන්වලදි මිකූගෙ jealousy looks නං ආයි පට්ට cute .
විශේෂයෙන්ම යොට්සුබා අර ෆූටරෝගෙ මූනෙ තිබ්බ cream ලෙවකාපු සිද්ධිය එහෙම හෙන ආතල් .
ඉතින් මේකෙ creators ලා කියල තියෙනව ඉස්සරහට එන්න තියෙන movie එකත් එක්ක මේ series එක ඉවර වෙනව කියල . ඒකෙදි අපිට බලාගන්න පුලුවන් වෙයි ෆූටරෝට ඇත්තටම සෙට් වෙන්නෙ කවුද කියල . Manga එක කියවපු කට්ටිය නං දැනටමත් දන්නව ෆූටරෝට සෙට් වෙන්නෙ කවුද කියල . හැබැයි anime only ලා වෙනුවෙන් spoil නොකර ඉන්න කියල ඉල්ලනව
team වලට බෙදිලා මරාගන්න තියෙන්නෙත් තව ටික කාලෙනෙ . ඉතින් ඔයා මොන team එකේද ?
Team Miku කට්ටිය මොකද හිතෙන්නෙ ? 🙃
Comments
Post a Comment