ඇනිමේ සිනමාවේ විජ්ජාකරු - Kon Satoshi Sensei
Anime කියන මහා ගංගාව තුළ උඩුගම් බලාගිය , Anime කලාව තුළින් සිය නාමය ලෝකයටම පෙන්නපු විශිෂ්ට සිනමාවේදියෙක් ගැන වචන ටිකක් කියන්න හිතුවා.
නමින් ඔහු 𝗞𝗼𝗻 𝗦𝗮𝘁𝗼𝘀𝗵𝗶 .
![]() |
1963 - 2010 |
1963 ඔක්තෝම්බර් 12 ජපානයේ 𝗞𝘂𝘀𝗵𝗶𝗿𝗼,𝗛𝗼𝗸𝗸𝗮𝗶𝗱𝗼 වලදි උපත ලබපු 𝗞𝗼𝗻 ව ලෝකයා දන්නෙ ජපානයේ 𝑨𝒏𝒊𝒎𝒆 කලාව තුළ ඉඳපු විශිෂ්ට අධ්‍යක්ශක වරයෙක් , Animator කෙනෙක් , තිර පිටපත් රචකයෙක් වගේම මන්ගා කතුවරයෙක්(mangaka) විදිහට 🥺❤️ .
ඔහු 1982 දි Musashino Art University එකෙන් Graphic Designer කෙනෙක් විදිහට කොන් සිය උපාධිය ලබා ගන්නවා 😲 .
කොන් සටෝශි කියන තරුණ කොල්ලා මුලින්ම නැඹුරු වෙන්නෙ manga කලාවට .
𝐀𝐬 𝐚 𝐌𝐚𝐧𝐠𝐚𝐤𝐚
මන්ගකා කොන් සටෝශි
College ඉන්න කාලෙම ඔහුගේ පලවෙනි කෙටි මන්ගා එක විදිහට 𝙏𝙤𝙠𝙧𝙞𝙠𝙤(1984) ලෝකයා හමුවට ගේනව . මේ මන්ගා එක Kodansha ලගෙ මන්ගා තරඟාවලියකදි අනුශූරතාවයත් ලබා ගන්නව 😲❤️ .
ඉතින් මෙතනින් ආරම්භ වෙන කොන්ගෙ ගමන තුළ තවත් මන්ගා විශාල ප්‍රමානයක් නිර්මාණය වෙනව .
- 1990 : Tropic Of the Sea
- 1990 : Akira - assistant(uncredited)
- 1991 : World Apartment Horror
- 1994 : Seraphim
- 1995 -1996 : Opus
තමා කොන්ගෙ අතින් නිර්මාණය වෙන අනිත් මන්ගා වෙන්නෙ .
ඉතින් ඒ උනත් අපි ගොඩාක්ම කොන්ව අඳුනගන්නෙ Anime industry එක තුළ Kon කරපු වැඩ නිසා .
කොන්ගෙ ජීවිතේ විශේෂ සංධිස්ථානයක් වෙන්නෙ 𝗔𝗸𝗶𝗿𝗮 නිර්මාතෲ 𝗞𝘂𝘁𝘀𝘂𝗵𝗶𝗿𝗼 𝗢𝘁𝗼𝗺𝗼 ගෙ හමුවීම . College එකෙන් out වෙලා කොන් ඔටොමොගෙ සහායකයෙක් විදිහට වැඩ කරනව .
1990 දි ඔටොමොගෙ World Apartment Horror කියන Live action movie එකෙන් කොන් මුලින්ම තිර පිටපත් රචකයෙක් විදිහට සිනමාවට අත්පොත් තියනව . 🔥
ඉන් අනතුරුව ,
- 1991 - Roujin Z - Animator,Background Design
- Partlabor 2 : The movie - Layout Artist
- Otomo's Magnetic Rose - Script Writer , Background Designer , Layout Artist
- 1993 - JoJo's Bizarre Adventure 5th OVA - Script writer , Co-Producer
𝐀𝐬 𝐚 𝐃𝐢𝐫𝐞𝐜𝐭𝐨𝐫
අධ්‍යක්ෂක කොන් සටෝශි
මේ එන්නෙ කොන් සටෝශිගෙ සිනමා ජීවිතේ සංධිස්ථානය ගැන කියන්න . කොන් සටෝශී ගොඩාක් දෙනෙක්ගෙ අවධානයට හසු වෙන්නෙ අධ්‍යක්ෂකවරයෙක් විදිහට කරපු anime නිසා කියන එක නොරහසක් .
කොන් ගැන කියපු ගමන් කට්ටියට ඔලුවට එන anime ටික තමා
- 𝗣𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗕𝗹𝘂𝗲 (1998) - 𝗠𝗼𝘃𝗶𝗲
- 𝗠𝗶𝗹𝗹𝗲𝗻𝗶𝘂𝗺 𝗔𝗰𝘁𝗿𝗲𝘀𝘀 (2002) - 𝗠𝗼𝘃𝗶𝗲
- 𝗧𝗼𝗸𝘆𝗼 𝗚𝗼𝗱𝗳𝗮𝘁𝗵𝗲𝗿𝘀 (2003) - 𝗠𝗼𝘃𝗶𝗲
- 𝗣𝗮𝗿𝗮𝗻𝗼𝗶𝗮 𝗔𝗴𝗲𝗻𝘁 (2004) - 𝗦𝗲𝗿𝗶𝗲𝘀
- 𝗣𝗮𝗽𝗿𝗶𝗸𝗮 (2006) - 𝗠𝗼𝘃𝗶𝗲
කියන්නෙ.
ඉතින් මේ anime ටික ඔයා බලලා නෑ කියන්නෙ ඔයාට හොඳම anime සෙට් එකක් miss වෙලා තියෙනව කියන එක .
1997 දි යොශිකසු ටකෙයුචිගෙ නවකතාවක් ඇසුරෙන් තමා "Perfect Blue" කියන සටෝශිගෙ පලවෙනි anime movie එක නිර්මාණය වෙන්නෙ . Psychological ඝනයේ විශිෂ්ට නිර්මාණයක් විදිහට එලියට එන මේ movie එක අදටත් anime audience එක අතර වගේම ලෝකෙ අනිත් චිත්‍රපට නරඹන්නන් අතරත් ගොඩාක් ප්‍රසිද්ධයි.
මේ චිත්‍රපටයත් එක්ක තමා කොන් Madhouse කියන Anime industry එකේ විශිෂ්ටම studio එකක් එක්ක සම්බන්ධ වෙන්නෙ . ඉතින් එතනින් නවතින්නෙ නැතුව Madhouse ලගෙ ස්ථිර අධ්‍යක්ෂක වරයෙක් වෙන්නත් කොන්ට හැකියාව ලැබෙනව .
![]() |
Madhouse Studios |
Perfect Blue කියන චිත්‍රපටය ප්‍රේක්ශකයා අතර කොච්චර කතාවට ලක් උනාද කියනව නං අදටත් ඒකෙ අවසානය ගැන මත භේද පවතිනව .
ඉතින් Novel එකකින් කෙලින්ම චිත්‍රපටයක් හැදීම වෙනුවට කතාවට ගොඩාක් වෙනස්කම් කරල චිත්‍රපටයකට නැගීමට තමා කොන් උත්සාහ කරල තියෙන්නෙ.
මීළඟට කොන් තීර්ණය කරන්නෙ එයාගෙ ජීවිතේ ලොකුම ආදර්ශය සහ එයාගෙ Idol වෙන ගත් කතුවර 𝗬𝗮𝘀𝘂𝘁𝗮𝗸𝗮 𝗧𝘀𝘂𝘁𝘀𝘂𝗶 ගෙ 1993 නවකතාවක් වන 𝗣𝗮𝗽𝗿𝗶𝗸𝗮 සිනමාවට නගන්න . ඔයාලා බලනව ඇති 2006 ආපු ෆිල්ම් එකක් මෙච්චර කල් හැදුනද කියල .
නෑ නෑ . ඇත්තටම වෙන්නෙ Perfect Blue movie එකේ බෙදාහැරීමේ ආයතනය බංකොලොත් වීමත් එක්ක මෙයාට Paprika චිත්‍රපටය හදන එක කල් දාන්න වෙනව .
ඉතින් ඊට පස්සෙ තමා කොන් 2002 දි
𝗠𝗶𝗹𝗹𝗲𝗻𝗶𝘂𝗺 𝗔𝗰𝘁𝗿𝗲𝘀𝘀 චිත්‍රපටයට අත ගහන්නෙ .
ඉන් අනතුරුව 2003 දි 𝗧𝗼𝗸𝘆𝗼 𝗚𝗼𝗱𝗳𝗮𝘁𝗵𝗲𝗿𝘀 චිත්‍රපටයත් නිර්මාණය කරනව .
කොන්ගෙ ජීවිතේ පලවෙනි සහ එකම Anime Series එක විදිහට 2004 දි 𝗣𝗮𝗿𝗮𝗻𝗼𝗶𝗮 𝗔𝗴𝗲𝗻𝘁 නිර්මාණය වෙනව .
ඔන්න මෙතනින් පස්සෙ තමා නැවත 𝗣𝗮𝗽𝗿𝗶𝗸𝗮 කරලියට එන්නෙ .
ඒ අනුව දීර්ඝ නියඟයකින් අනතුරුව 2006 දි 𝗣𝗮𝗽𝗿𝗶𝗸𝗮 කියන විශිෂ්ට නිර්මාණය එලියට එනව . මේ සිනමාපටයේ Mr.Jinnai චරිතයට හඬ දායකත්වය දෙන්නෙත් කොන් තමා .
මේ චිත්‍රපටි ගැන මම වෙන වෙනම විග්‍රහයක් කරන්න ගියේ නෑ . මොකද මේ චිත්‍රපටි කියන්නෙ එක post එකකින් කතා කරල ඉවර කරන්න පුලුවන් ඒවා නෙමෙයි .
නමුත් කොන් මේ චිත්‍රපටි වලදි මූලිකවම පාවිච්චි කරපු තේමා ගැන කතා කරන්න ඕනෙ කියල හිතුවා .
𝐓𝐡𝐞𝐦𝐞𝐬
තේමා
ඔයා කොන්ගෙ Movie බලල තියෙනව නං ඔහු මූලිකවම ආස කරපු වගේම ප්‍රේක්ශකයාට දෙන්න හදපු ශානරයන් ගැන අදහසක් ඔයාලට ඇති .
මේකෙදි විශේෂයෙන්ම මතක් කරන්න ඕන දේ තමා කොන්ට ඔහුගේ කලා ජීවිතයට ආදර්ශයක් උන පුද්ගලයො දෙන්නා .
ඒ තමා 𝗞𝗮𝘁𝘀𝘂𝗵𝗶𝗿𝗼 𝗢𝘁𝗼𝗺𝗼 සහ 𝗬𝗮𝘀𝘂𝘁𝗮𝗸𝗮 𝗧𝘀𝘂𝘁𝘀𝘂𝗶 කියන කලා ලෝකයේ ඉන්න විශිෂ්ටයො දෙන්නා . මෙතනින් ඔටොමො කියන්නෙ 𝗔𝗸𝗶𝗿𝗮 වගේ විශිෂ්ට ඝනයේ නිර්මාණ කරපු දැවැන්තයෙක් . යසුටකා කියන්නෙ 𝗣𝗮𝗽𝗿𝗶𝗸𝗮 , 𝗧𝗵𝗲 𝗚𝗶𝗿𝗹 𝘄𝗵𝗼 𝗟𝗲𝗽𝘁 𝗧𝗵𝗿𝗼𝘂𝗴𝗵 𝗧𝗶𝗺𝗲 වගේ විශිෂ්ට නවකතා ලියපු රචකයෙක් 🔥🥺 . ඉතින් ඒ වගේ දෙන්නෙක්ගෙ Inspire වෙච්ච චරිතයක් ඔහොම වෙන එක සාධාරනයි 🔥 .
කොන්ගෙ සිනමා ශානරයන් අතර
Dementia , Horror , Psychological , Sci-fi ගොඩාක් ප්‍රසිද්ධ වෙනව . මේවා ගොඩාක්ම මිනිස්සුන්ගෙ මනස එක්ක සෙල්ලන් කරන ශානරයන් වගේම බලන කෙනෙක්ට ගොඩාක් හිතන්න සලස්වනව .
කොන් කියන්නෙ සරලවම Reality එක සහ Illusion එක අතර ප්‍රේක්ශකයා දෝලනය කරවන විජ්ජා කාරයෙක් .
Perfect Blue වගේ බලපු කෙනෙක්ට නං පලවෙනි පාර "ඒ මොකක්ද ඒ උනේ ?" කියල ඔලුවට එන්නැති .
කොන්ගෙ trademark concept එක විදිහට සැලකෙන්නෙ 𝙈𝙪𝙡𝙩𝙞𝙥𝙡𝙚 𝙋𝙚𝙧𝙨𝙤𝙣𝙖𝙡𝙞𝙩𝙮 𝘿𝙞𝙨𝙤𝙧𝙙𝙚𝙧 චරිත anime වලට යොදාගැනීම . Perfect Blue , Paranoia Agent , Paprika එහෙම නිර්මාණ වලට උදාහරන වෙනව .
වෙනස්විදිහෙ කාන්තා ස්වරූප , Futuristic Cityscapes , මිනිස් මනසේ විවිධ පැතිකඩ , තාක්ශණයේ නිර්මාණාත්මක සහ විනාශකාරී බලපෑම කියන දේවල් නිතරම වගේ සටෝශි ඔහුගේ නිර්මාණ වලින් දෙන්න උත්සාහ කරල තියෙනව .
ඒ වගේම කොන්ගෙ සිනමාව තුළ අනෙක් විශිෂ්ටම දේ තමා මේ වර්ණ භාවිතය කියන එක . මෙතනදි කොන් කියන්නෙ විශිෂ්ටයෙක් .
ගොඩාක්ම විචාරකයො පෙන්නලා දෙන විදිහට anime එකක වර්ණ වගේම cinamotography පාවිච්චි කරල ඒකෙ ශානරයේ ගැඹුරු බව වැඩිකිරීමේ තැනේදි කොන් ගොඩාක්ම ඉස්සරහින් ඉන්නව .
ඊළඟට ගොඩාක් අය අහන දේ ,
𝐖𝐡𝐲 𝐆𝐢𝐫𝐥𝐬 𝐚𝐬 𝐌𝐚𝐢𝐧 𝐂𝐡𝐚𝐫𝐚𝐜𝐭𝐞𝐫𝐬 ?
ඇයි ගොඩාක්ම ගෑනුළමයින්ව ප්‍රධාන චරිත වලට ගන්නෙ ?
මේක ගැන අහපු වෙලාවකදි කොන් දෙන්නෙ මෙහෙම උත්තරයක් .
"පිරිමි චරිත වලට වඩා ගැහැනු චරිත රචනය ගොඩාක් පහසුයි . ඒ වගේම මගේ මතය චරිතය තුළට කාවද්දලා ඒක වෙනස්ම මානයකට ගෙනියන එක ගැහැනියක් තුළින් ලේසියි . "
ඉතින් ඔයාලා දකිනව වගේ කොන්ගෙ විශිෂ්ටම නිර්මාණ වන Perfect Blue , Paprika , Millenium Actress වගේ ගොඩාක් කතාවල ප්‍රධාන චරිතය කාන්තාවක් .
ඊටපස්සෙ මම කතා කරන්න හිතුවෙ කොන්ගෙ සිනමාවෙන් inspire උන වෙනත් සිනමාපට ගැන . ඇත්තටම මේකෙදි ගොඩාක් අය එක එක කතා එක එක සිනමා නිර්මාණ මූලික කරගෙන කියනව .
𝐊𝐨𝐧 𝐒𝐚𝐭𝐨𝐬𝐡𝐢 , 𝐓𝐡𝐞 𝐈𝐧𝐟𝐥𝐮𝐞𝐧𝐜𝐞𝐫
ඉතින් මෙතනදි කට්ටිය ගොඩාක් කතාවෙන film එකක් තමා Darren Aronofsky ගෙ 𝗕𝗹𝗮𝗰𝗸 𝗦𝘄𝗮𝗻 කියන Hollywood film එක කොන්ගෙ Perfect Blue movie එකෙන් inspire උනාද කියන එක .
ඇත්තටම Darren මේකෙදි Perfect Blue එක සමග තියෙන සමානකම් පෙන්නලා දුන්නත් මේක ඒකෙන් inspire උනා කියන එක හරියට පිළිඅරගෙන නෑ .
![]() |
එක සමාන shots |
ඊළඟට Nolan කියන විශිෂ්ට සිනමාකරුගෙ 𝗜𝗻𝗰𝗲𝗽𝘁𝗶𝗼𝗻 Hollywood movie එක 𝗣𝗮𝗽𝗿𝗶𝗸𝗮 Anime එකෙන් Inspire උනාද කියන මතය ගැන කට්ටිය කතා වෙනව . ඇත්තටම මේ දෙකේම concept එක වගේ . ඉතින් ගොඩාක්ම විචාරකයො පෙළඹිලා තියෙනව Nolan ගෙ Inception movie එක Paprika එකෙන් inspire උනා කියල කියන්න . ඇත්තටම Nolan නං ඒක තහවුරු කරල නෑ . නමුත් Nolan කියන්නෙ හොඳ Anime fan කෙනෙක් කියන එක නං ගොඩාක් අයට නොරහසක් .
ඒ වගේම Paprika කියන්නෙත් Novel එකක් base කරන් හැදුන චිත්‍රපටියක් .
මේ චිත්‍රපටිවල නිර්මාණකරුවන් මොන දේ පැවසුවත් බොහෝ විචාරකයො කියන්නෙ මේ නිර්මාණ කොන්ගේ නිර්මාණ වලින් ඍජුවම හෝ වක්‍රව හෝ inspire උනා කියල .
කොන් කියන්නෙ ඔහුගේ කලා දිවිය පුරාවට සම්මාන 25 කට නිර්දේශ වෙලා ඒකෙන් 20 ක්ම ජයග්‍රහනය කරපු ඒ වගේම පැසසුම් රැසක් ලබපු කලාකරුවෙක් .
ඔහු 𝗝𝗮𝗽𝗮𝗻 𝗔𝗻𝗶𝗺𝗮𝘁𝗶𝗼𝗻 𝗖𝗿𝗲𝗮𝘁𝗼𝗿𝘀 𝗔𝘀𝘀𝗼𝗰𝗶𝗮𝘁𝗶𝗼𝗻 (𝗝𝗔𝗻𝗶𝗖𝗔) 15 සාමජික කමිටුවේ ආරම්භක සාමජිකයෙකුත් වෙනව .
ඉතින් කොන් ගැන ගොඩාක් දේවල් කතා කරානෙ . නමුත් ඇයි මේ 1990 ගනන්වල 2000 ගනන්වල වැඩ ගැන විතරක් කතා වෙන්නෙ ? ඇයි කොන් ඊට පස්සෙ වැඩ මොකුත් කරේ නැද්ද ? කියල නොදන්න කෙනෙක් අහන්න පුලුවන්.
2010 දි කොන්ට අවසන් අදියරේ පිළිකාවක් තියෙනව කියල හඳුනාගන්නව . ඒකත් එක්ක එයාට වසර භාගයක කාලයක් තමා ඉතුරු වෙලා තියෙනව කියල දොස්තරවරු කියන්නෙ . ඉතින් මේ කාලෙ කොන් සටෝශි එයාගෙ ගෙදරට වෙලා නිදහසේ ඉන්න තමා තීර්නය කරන්නෙ . එයාගෙ තත්ත්වයත් ලෝකයාට කියන්න එයා අන්තිම වෙනකන් කැමති වෙන්නෙ නෑ .
මිය යන්න ටික කලකට කලින් blog සටහනක් අන්තර්ජාලයට දමමින් කොන් එයාගෙ රසිකයන්ටත් සහෘද සිනමාකරුවන්ටත් එයාගෙ රෝගය ගැන කියනව .
2010 අගෝස්තු 24 වයස අවුරුදු 46 දි කොන් අපිව හැරදා ජීවිතයෙන් සමුගන්නව .
කොන් මිය යන්න පෙර 𝗗𝗿𝗲𝗮𝗺𝗶𝗻𝗴 𝗠𝗮𝗰𝗵𝗶𝗻𝗲 නමින් චිත්‍රපටියක් නිර්මාණය කිරීම ආරම්භ කර තිබුනා . නමුත් රෝගී තත්ත්වය එක්ක ඒක අවසන් කරන්න ඔහුට හැකි උනේ නෑ .
𝐊𝐨𝐧 𝐒𝐚𝐭𝐨𝐬𝐡𝐢ගෙ 𝐃𝐫𝐞𝐚𝐦𝐢𝐧𝐠 𝐌𝐚𝐜𝐡𝐢𝐧𝐞 𝐚𝐧𝐢𝐦𝐞 එකට මොකද උනේ ?
මේක robot ලා ගැන තරුණ පරපුර ඉලක්ක කරලා නිර්මාණය වෙමින් පැවතුන කොන්ගෙ චිත්‍රපටියක් .
2013 වෙනකනුත් Dreaming Machine චිත්‍රපටිය අවසන් කිරීමේ වගකීමක් කාටවත් තිබ්බෙ නෑ . නමුත් ඊට පස්සෙ විවිධ වූ anime කලාවෙ දැවැන්තයන් වගේම විවිධ ප්‍රසිද්ධ පෙළේ Studios ගණනාවක් මේ නිර්මාණය නිම කිරීමට උත්සාහ ගත්තා . නමුත් කොන් සටෝශිට මේ නිර්මාණයෙන් ලෝකයාට දෙන්න ඕන උන දේ ඔහුටමයි දෙන්න පුලුවන් කියන අවසන් නිගමනය මත චිත්‍රපටිය නිම කිරීම අත්හැර දමලා ඒ වෙනුවට කොන් ගැන වාර්තාමය වැඩසටහනක් කිරීමට තමා ගොඩාක් අය හිතලා තියෙන්නෙ .
ඉතින් කොන්ගේ අවසන් නිර්මාණයත් යල්පැනගිය ගබඩාවක් අස්සට වී ලෝකයාගෙන් වසන් වෙලා ඉදිරියටත් පවතීවි .
ඇනිමෙ සිනමාවෙ විජ්ජාකරු , කොන් සටෝශිගෙ ඔයා ආසම Anime එක මොකක්ද ?
Comment එකක් දාගෙන යන්න .
Comments
Post a Comment