𝑾𝒆𝒍𝒄𝒐𝒎𝒆 𝑩𝒂𝒄𝒌 𝑺𝒑𝒂𝒄𝒆 𝑪𝒐𝒘𝒃𝒐𝒚 🍻

 

Cowboy bebop කියන්නේ 1998 ආව sci-fi action space opera anime එකක්. මේ වෙද්දී නම් මේක බැලුව නැති අය හොයාගන්න නැති තරම්. මොකද මේක 90 දශකයේ ආව හොදම anime වලින් එකක්. ඉතින් මේ anime series එක සම්බන්ධයෙන් live action එකක් හදනවා කිව්වාම මම නම් එච්චර සතුටු වුනේ නෑ. මොකද මම දැක්කා Netflixලා death note එකට කරපු දේ. ඒ නිසා මම නම් skeptical විදිහට බැලුවේ. මුලින්ම මේකේ cast එක announce කරලා first look දාද්දී මට හිතුන දේ කියන්නම්. Spike Spiegalcast කරලා තිබුනේ john cho. ඉතින් එයාගේ වයස ටිකක් වැඩී කියලා තමයි මට නම් හිතුනේ. Fayeගේ සහ Jetගේ casting වල ලොකු අවුලක් මුලදී පෙනුනේ නෑ. හැබැයි fayeගේ ඇදුම නම් censor කරලා තිබුනා. ඒක සාධාරණයි. මොකද ඒ රගපාන actressටත් අමාරුයි ඒ ඇදුම.

Live action cast of Netflix's Cowboy Bebop

හරි ඊට පස්සේ මේකේ first ratings ආවේ ඔක්කොම negative ඒවා. ඉතින් ඔය ඔක්කොම අස්සේ මාරම low expectation එකක් තියාගෙන මම මේක බැලුවේ.මගේ honest opinion එක තමයි ඔය කියනවා තරම් මේක නරක නෑ. මම මුලින්ම හොද දේවල් කියන්නම්.

  • අපිට මේකේ anime එකේ තියෙන storyline බලාගන්න පුලුවන්. හැබැයි ඒවා 100% anime එක තරම් accurate නොවුනාට බලන කෙනෙක්ට ඒවා හොදටම enjoy කරක්න පුලුවන්.
  • Spike Spiegalගේ චරිතයට මට අනුව නම් john Cho හොද සාධාරනයක් ඉෂ්ඨ කලා. ඒ flamboyant ගතිය, charismatic ගතිය සහ dramatic ගතිය john choගෙන් අපිට හොදය පෙනුනා
  • Faye valentine නම් මරු. මට සමහර තැන්වලදී හිතුනා anime එකේ fayeට වඩා මෙයා හොදයි කියලා. එයා crew එකට join වුන විදිහ මම anime එකේ පෙන්වපු විදිහට වඩා කැමතී.
  • Overall atmosphere එක accurately හදලා තිබුනා. Cowboy bebop කියන්නේ western  +noir + space anime එකක්. ඉතින් හිතන්න ඒ වගේ anime එකක් live action කරනවා කියන්නේ කොච්චර අමාරු වැඩක්ද. ඒත් ඒක හොදටම කරලා තිබුනා. Cinematography ගැන කිව්වොත් ගොඩක් ලස්සන ඒ වගේම කතාවේ tone එකට accurate shots ගොඩක් තියෙනවා.
  • Bebop crew එකේ interaction සහ connection එක ඒ වගේම අපිට බලාගන්න පුළුවන්. Spikeගේ sarcasm, Jetගේ responsibility වගේම fayeගේ පිස්සු.

ඉතින් ඔය හොද කරුණු අතරේ තිබුන නරක කරුණුත් තියෙනවා.

  • මට තිබුන ලොකුම අවුල තමයි Vicious & Julia storyline එක. Vicious සහ syndicate storyline එක කියන්නේ anime එකේ තියෙන වැදගත්ම storyline එක. අන්න ඒ storyline එක මේකේ පෙන්වලා තියෙන විදිහ මාරම අවුල්. කිසිම පිලිවෙලක් නෑ. කිසිම emotional ගතියක් නෑ. හරිම basic. Anime එකේ ඒ storyline එක බලන හැමෝම ගොඩක් feelings එක්ක බලන එකක්. හැබැයි live action එකේ ඒක හාලා තිබුනා. Viciousගේ character එක මෙලෝ රහක් නෑ. Anime එකේ vicious ලගින් තියන්නවත් බෑ. Juliaත් හිසරදයක්. Anime එකේ තිබ්බ හොදම storyline එක තමයි මේක. මම anime එකේ vicious storyline එකට 10/10 දෙනවා නම් live action එකේ vicious storyline එකට 1/10 දෙන්නේ.
  • අනික් අවුල තමයි Jet Black. Mustafa Shakirගේ Jet Black මට anime එකේ හිටිය කෙනාට වඩා හුගක් අවුල්. හරිම කෘතිම ගතියක් දැනෙනවා එයාගේ performance එක.
  • තව පොඩි අවුලක් තමයි ending song එක. Anime එකේ තිබ්බ real folk blues ending එක මගෙ all time favorite ending එකක්. ඒත් මේකේ ඒක භාවිතා වෙලා අඩුයි.
  • anime එකේ හැමෝම අගයපු දෙයක් තමයි ending එක. ඉතින් අන්න ඒ වගේ ending එකක් නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා.

රසිකයින් අතරේ ඉතාම ආදරයට ලක්වුන cowboy bebop වගේ anime එකක live action එකක් ගේනවා කියන්නේ ලේසි පහසු කාර්‍යයක් නෙවෙයි. මේ live action එකේ cast එක තමන්ට පුළුවන් උපරිමය මේ live action එකට දුන්නා. ඒත් අවාසනාවකට Netflixලා මේ live action එක හැදුවේ අනාගතයෙත් තව season හදන එක ඔලුවේ තියාගෙන. අන්න ඒ කාරණය නිසා තමයි මේ live action series එක විශාල පසුබෑමකට ලක්වුනේ. ඉතින් rating අතින් සැලකියයුතු මට්ටමක නොතිබුන නිසා මේ live action  එක cancel කරන්න Netflixලා අවසන් වශයෙන් තීරණය කලා.




Cowboy Bebop - MAL
Cowboy Bebop Live Action-IMDB


Comments

Popular Now

"මන්ගා" හැදෙන හැටි - 𝐌𝐚𝐧𝐠𝐚 𝐌𝐚𝐤𝐢𝐧𝐠 & 𝐏𝐮𝐛𝐥𝐢𝐬𝐡𝐢𝐧𝐠 𝐩𝐫𝐨𝐜𝐞𝐬𝐬