තමන් තුළ "තමන්" සොයා...
ආදරය කියන දේ විවිධාකාරයි . ඒක එක එක ආකාරවලට ඇති වෙන්න පුලුවන් . දැන් ලෝකෙ ආදරය කියන එක හරි සංකීර්ණයි . විවිධ අර්ථදැක්වීම් දෙන්න පුලුවන් . මේ මාර්තෘකාවෙ සංවේදීකම නිසාම ඉතාමත් පරිස්සම්ව කතා කළ යුතුයි ...
අන්‍යෝන්‍ය හැඟීමක් නොමැති තැන සම්බන්ධකමක් කියන එක ඒකපාර්ශ්විකයි . හදවතට දැනෙන හරිම ආදරය සොයා ගන්න කෙනෙක්ට කොච්චර කල් යයි ද ?
සමාජ බලපෑම, පවුලෙ බලපෑම පීඩනය මත ඔයාට තවත් කෙනෙක්ගෙ අනුකරණයක් විදිහට ජීවත් වෙන්න උනොත් කොහොම ද ?
ඉතින් මේ ප්‍රශ්න සියල්ලටම උත්තර හොයාගන්න ආදරයේ දිශානතියක් සොයා යන කෙල්ලෙක්ගෙ කතාවක් බලමු ...
- Anime : Bloom into You (Yagate Kimi ni Naru)
- Type : TV Series
- Aired : 2018
- Status : Completed
- Episodes: 13
- Duration : 24min
- Genre : Drama, Girls Love(Yuri), Romance, School
- Score : MAL 7.92
- Source : Manga
යාවත්කාලීන කරන ලද තොරතුරු සඳහා මෙතනින් පිවිසෙන්න - MAL
Girls Love/Yuri ?
ඔව් . මේක Girls Love Anime එකක් . අපි ඉතින් ඕක සාමාන්‍ය ව්‍යවහාරෙ දන්නෙ Lesbian කියලනෙ. මේ කතාව ගෙතෙන්නෙ ගැහැනු ළමයි දෙන්නෙක් සහ ඊට වඩා වැඩි පිරිසක් අතර ඇති වෙන ආදරයක් මූලික කරගෙන . මාත් ඇත්තටම ගොඩාක්ම මේ ජාතියෙ anime බලන කෙනෙක් නෙමෙයි . නමුත් මට වැඩි වැඩියෙන් මේ anime එක recommend උන නිසා try එකක් දීලා බලන්න ඕනෙ කියන හැඟීම මත මම try එකක් දුන්නා . ඉතින් මම නං පසුතැවිල්ලට පත් වෙන්නෙ නෑ ඒ episodes 13 පුරාවටම. මේක මම බලපු පලවෙනි Yuri Anime එක . ඉතින් මට මේවා වර්ණනා සහිතව කියන්න තේරෙන්නෙ නෑ . සමා වෙන්න ඕනෙ ඉතින් .
මුලින්ම බහිමු එහෙනං කතාවට,
Yuu Koito කියන්නෙ Shoujo manga , songs එහෙම පිස්සුවෙන් වගේ අහන බලන කෙල්ලෙක් . Shojo stuff ගත්තාම ඔයාලා දන්නවනෙ , ගොඩාක්ම තරුණ වයසෙ ගෑනු ළමයි ඉලක්ක කරල තමා හදන්නෙ . මේවා ගොඩාක්ම Romance පැත්තට බරයි . ඉතින් මෙයත් බලාගෙන ඉන්නව කවුරුහරි කොල්ලෙක් මෙයාට කැමැත්ත ප්‍රකාශ කරල ආදරය ගැන ඇත්තම හැඟීමක් ලබා දෙයි කියල.
ඔහොම ඉන්න අතරෙ Junior Highschool එකේ graduation day එක දවසෙ මෙයාට මෙයාගෙ යාලු කොල්ලෙක් confess කරනව . මෙයා ජීවිතේ පුන පුනා බලා සිටි අවස්ථාවක් උදා උනත් එයාට කිසිම උත්තේජනයක් හෝ සංකීර්ණ හැඟීමක් ඒ වෙලාවෙ දැනෙන්නෙ නෑ . හරිම හිස්කමක් තමා දැනෙන්නෙ . ඉතින් මෙයා තීර්ණයක් ගන්න ටික කාලයක් ඉල්ලගෙන මේ හිස්කම ගැන හිතන්න පටන් ගන්නව.
ඔන්න ඊට පස්සෙ මෙයාට High school එකට යන්න වෙනව . මේකෙ ගිහිල්ලත් මෙයා තාම කල්පනා කරන්නෙ අර කැමැත්ත ඉල්ලපු කොල්ලට මොකක්ද දෙන උත්තරේ ? කියල.
මේ අහිංසක කෙල්ල හැඟීම් අතර අතරමං වෙලා . ආදරේ කියන එක සංසිද්ධියක් විදිහට දැනගෙන හිටියට හැඟීමක් විදිහට තේරුම් ගන්න මෙයා තාම ළපටි වැඩී .
ඔන්න ඔහොම ඉන්න මෙයාට හම්බෙනව මේ highschool එකේ ඉන්න flawless character එකක් . ඒ Student Council එකේ සාමාජිකයෙක් වන Touka Nanami කියන මෙයාට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ල . හම්බෙන පලවෙනි පාරම මේ Yuu දකින්නෙ Touka කොල්ලෙක්ගෙ confession එකක් ප්‍රතික්ෂේප කරන විදිහ . ඉතින් මෙයාගෙ මේ අමුතුම ආකල්ප නිසා Yuu පෙළඹෙනව Touka ගෙන් උපදෙස් ගන්න සහ අදහස් දැනගන්න.
හැබැයි මෙයා ජීවිතේට හිතපු නැති දෙයක් තමා වෙන්නෙ. Touka Nanami එක පාරට මෙයාට එයාගෙ කැමැත්ත ප්‍රකාශ කරනව. කෙල්ලෙක් ඇවිල්ලා එක පාරට තව කෙල්ලෙක්ට confess කරාම පුදුම වෙනව වගේ මේ Yuu ටත් හිතාගන්න බැරි වෙනව මොකද වුනේ කියල . ටිකෙන් ටික ඉස්සරහට යද්දි තේරෙනව Yuu දැන් Touka ගෙ අතේ නැටවෙන කෙනෙක් බවට පත්වෙමින් පවතිනව කියල.
ඉතින් ආදරයේ දිශානතියක් දන්නැති මේ කෙල්ල Touka ගෙ මායම් වලට කොහොම මුහුන දෙයි ද ? එයා ඇත්තම ආදරේ හොයාගනී ද ?
කියල දැනගන්න නං මේ කතාව බලන්නම වෙනව.
TROYKA Studio ලගෙ animation එක්ක මාරම ලස්සන හැඟීමක් මේ කතාව ජනිත කරවනව . මේක Girls Love කෝනෙන් බලනවට වඩා ලොකූ ගැඹුරක් මේකට තියෙනව . විශේෂයෙන්ම Toukaගෙ චරිතය එහෙම කිහිප දිශාවකටම දෝලනය වෙලා ඉස්සරහට යන විදිහ ගොඩාක් අයට පාඩම් උගන්වනව .
Theme Songs ගත්තාම හොඳම level එකකට තියෙනව කියන එක සැකයක් නැතුව කියතැහැකි . ලස්සන පදවැල් ටිකක් එක්ක මාරම හැඟීමක් සංගීතයෙන් ලැබෙනව .
විශේෂයෙන්ම Kimi ni Furete කියන ගීතය lyrics එක්ක අහල බලන එක වටිනව.
Bloom into you කියන anime එකෙන් ජීවිතේ මාරම පැත්තක් ආවරණය වෙනව . ඒකාකාරී රටාවෙන් මිදෙන්න , කලාත්මක ඇසින් බලන කෙනෙක්ට මේ කතාව හොඳටම ගැලපෙයි කියල මම හිතනව .
ඉතින් ඔන්න Yuri Anime එකක් ගැනත් review එකක් කරා . මේ මාර්තෘකා ඉතින් ගොඩාක් පරිස්සමෙන් කතා කරන්න ඕනෙ කාගෙවත් හිත් නොරිදවෙන , අමනාපකම් ඇති නොවෙන විදිහට . කලින් කිව්වා වගේම අද ලෝකෙ ආදරය කියන එක හරි සංකීර්ණයි . ආදරයට විවිධ අර්ථදැකිවීම් තියෙනව ඒ ඒ කෙනා බලන කෝනෙ මත . කෙනෙක්ගෙ ලිංගික දිශානතිය දිහා බලලා ඒ කෙනා පහත් කොට සලකන්න , බනින්න , ගහන්න , කොන් කරන්න අයිතියක් අපිට නෑ . මොකද ඒ දේ කෙනෙක්ගෙ ජීවිතේ තියෙන අනන්ත සංඛ්‍යාවක් වූ දේවල් අතරින් එක දෙයක් පමනක් වන නිසා. ඉතින් හැමෝගෙම අදහස් වලට ගරු කරන්න . තමන් ආකර්ෂනය නොවන දෙයක් තව කෙනෙක්ට ගොඩාක් ලොකු වටිනාමක් ගෙන දෙන්න පුලුවන් . ඒක නිසා අනිත් අයගෙ හැඟීම් දැනීම් ගැනත් මානුෂිකව හිතලා ලස්සන ලෝකෙකට පාර හදාගමු අපි.
ඔයාලගෙ අදහස් comment කරන්න.
Comments
Post a Comment