Posts

Showing posts from July, 2022

ජපන් භාෂාවේ ඉතිහාසය - 日本語の歴史

Image
හයි ගයිස්, こんにちは අද ගෙනාපු ලිපිය නම් ප්‍රධාන වශයෙන්ම ඇනිමේ හෝ මන්ගා ගැන නොවේ. අද ගෙනාපු ලිපියේ අපි කතා කරන්නේ ඇනිමේ සහ මන්ගාවලින් සඳ ලප සේ වෙන් කිරිමට බැරි දෙයක් ගැන.  ඒ තමා අපිට නිතර නිතර ඇනිමේ සහ මන්ගා බලද්දි සහ කියවද්දි, ඇහෙන සහ බැලෙන ජපන් භාෂාව නැත්නම් අපි ජපන්වලින්ම හැදින්වුවහොතින් 日本語(නිහොන්ගො) ගැනයි.  මෙම "නිහොන්ගො" නම් භාෂාව ඇති වුනේ කෙසේද ?   අතීතයේ මෙම භාෂාව පාවිච්චි වු ආකාරය සහ දැන් වෙද්දි එම භාෂාවේ ඇති වී ඇති වෙනස්කම් මොනොවද ?  එන්න ඒ වගේ දේවල් ගැන තමා අපි මේ ලිපියේ කතා කරන්න යන්නේ. බොහෝ අයට යම්කිසි භාෂාවක් ඉගෙනගන්නා විට අමතක වෙන දෙයක් තමා එම භාෂාවේ ඉතිහාසය සහ එම භාෂාව පාවිච්චි කරන ජන කොට්ඨාශයේ සංස්කෘතිය ගැන හැදැරිම...... කොහොමත් භාෂාවේ ඉතිහාසය සහ එම භාෂාව පාවිච්චි කරන ජන කොට්ඨාශයේ සංස්කෘතිය ගැන ඉගෙනගැනිම අනවශ්‍යයි. එහෙම ඉගෙනගත්තා කියලා ඔයාට ඒ භාෂාව පුළුවන් වෙන්නෙත් නෑ  ඒත් ඔයා ඒ භාෂාවේ ඉතිහාසය සහ සංස්කෘතිය ගැන දැනගත්තොතින් ඔයාට තේරෙයි ඇයි එම භාෂාවේ වචන සහ ඒවායින් සැදෙන වාක්‍ය එසේ පාවිච්චි කරන්නේ කියලා.  "ඒත් අඩේ..... මට එච්චර වේලාවක් නෑ එහෙම භාෂාවක ඉතිහාසය